බේරුවලට ඇඳිරිනීතිය තද කරයි

බේරුවල පන්නිල ප්‍රදේශයට පනවා ඇති ඇඳිරිනීති තත්ත්වය දැඩිකර තිබෙනවා.
බේරුවල පන්නිල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමඟයි එම ප්‍රදේශයේ ඇඳිරිනීති තත්ත්වය දැඩි කිරීමට පොලීසිය හා සෞඛය අංශ කටයුතු කර ඇත්තේ.
කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.
රෝගී තත්ත්වය හේතුවෙන් ඔහු කලුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරිමෙන් පසු කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු කෙරුණා.
ඒ අනුව එම පුද්ගලයා අයිඩිඑච් රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තාකරුවන් සඳහන් කළේ. ඔහුගේ පවුලේ සාමාජිකයන් නිවස තුළම නිරෝධායනයට ලක්කර තිබෙනවා.
598 Views
Comments