අවලස්සන ඇමරිකානුවා විමල්ට හා ගම්මන්පිලට ලස්සන වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

අවලස්සන ඇමරිකානුවා විමල්ට හා ගම්මන්පිලට ලස්සන වෙයි

අවලස්සන ඇමරිකානුවා විමල්ට හා ගම්මන්පිලට ලස්සන වෙයි

පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූ බව කියන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක්  (02) දිනයේදී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් හමුවී සාකච්ඡා කර තිබේ.

 

ස්වාධීන කණ්ඩායම වෙනුවෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස්, නිමල් සිරිපාල ද සිල්වා සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගී වී ඇති අතර පොහොට්ටුව වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, ජී. එල්. පීරිස්, සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න සහ රමේෂ් පතිරණ යන මහත්වරුන් සහභාගී වී ඇත.

 

ජනාධිපති මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ය.

 

එහිදී ඔවුන් ජාතික එකඟතා ආණ්ඩුවක් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණ ඇති අතර මෙම අන්තර්කාලීන ආණ්ඩුව සඳහා සෙසු පක්ෂ එකතුකර ගැනීම සඳහා සාමුහික ක්‍රියාමාර්ග ගැනීමට ද එකඟ වී ඇති බව සඳහන්.

views

613 Views

Comments

arrow-up