ගෙළ වැළලාගෙන මියගිය 14 හැවිරිදි ශිෂ්‍යයාගේ සිරුරේ තුවාල කැළැල් - මරණය සැක සහිතයි

වවුනියාවේ පූන්තෝට්ටම් ලක්ෂපාන පාරේ ගෙළ වැළලාගෙන මියගිය බව කියන දාහතර හැවිරිදි පාසල් ශිෂ්‍යයාගේ මළ සිරුරේ මුහුණේ හා තවත් ස්ථාන කීපයකම තුවාල සලකුණු තිබීම නිසා එම මරණය සැකසහිත මරණයක් බව වවුනියාව පොලිසිය පවසයි.
උදයචන්ද්‍රන් සංජීවන් නමැති මෙම ශිෂ්‍යයා වවුනියාව, බණ්ඩාරිකුලම විපුලානන්ද මහා විද්‍යාලයේ 9 වන වසරේ ඉගෙනුම ලැබමින් සිටි අතර පෙර දින රාත‍්‍රී ආහාරය ගෙන පාඩම් කරමින් සිට නින්දට ගිය පසුව පසුදා උදෑසන ඔහු නිවස අසල ගසක එල්ලී සිටි බව පවුලේ අය පොලිසියට ප‍්‍රකාශ කොට තිබේ.
කෙසේ නමුත් ඔහුගේ මළ සිරුර පරීක්ෂා කළ වවුනියාව පොලිසියේ නිලධාරීන්ට ශිෂ්‍යයාගේ මුහුණේ සහ තවත් ස්ථාන කිහිපයක තුවාල ඇති බව නිරීක්ෂණය වීමෙන් පසු මළ සිරුර වැඩිදුර පරීක්ෂණය සඳහා වවුනියාව මහ රෝහල වෙත යොමුකර තිබේ.
26582 Views
Comments