නන්නාඳුනන පුද්ගලයෙකු සමග පවුල් කන්න ගිය දෙදරු මවට ලැබුණු අමතක නොවන පාඩම
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
05

නන්නාඳුනන පුද්ගලයෙකු සමග පවුල් කන්න ගිය දෙදරු මවට ලැබුණු අමතක නොවන පාඩම

නන්නාඳුනන පුද්ගලයෙකු සමග පවුල් කන්න ගිය දෙදරු මවට ලැබුණු අමතක නොවන පාඩම

සැමියාගෙන් වෙන්වී කුඩා දරු දෙදෙනකු සමඟ ජීවත් වූ කාන්තාවක් අනියම් සැමියෙකු සමඟ සම්බන්ධකම් පැවැත්වීමට ගොස් සිදුවූ අකරතැබ්බයක් ගැන ගලේවෙල පොලිසියෙන් වාර්තා වේ.

 

සිද්ධියට මුහුණදුන් වයස අවුරුදු 37ක් පමණ වූ මෙම කාන්තාවට කුඩා දරුවන් දෙදෙනකුද සිටී.

 

මීට අවුරුද්දකට පමණ පෙර ඇගේ නීත්‍යානුකූල සැමියා ඔවුන් හැරගොස් ඇත.

 

දරු දෙදෙනා සමඟ තනිවූ ඇය තමන් සේවය කරන පෞද්ගලික ආයතනයේ සේවකයකු සමඟ අනියම් සම්බන්ධකමක් පවත්වාගෙන ගියාය.

 

ඒ අනුව ඇය ඔහු සමඟ එකගෙයි පවුල් කන්නට පටන් ගත්තාය.

 

මීට සති දෙකකට පමණ පෙර ඇගේ අනියම් සැමියා හිටිහැටියේ අතුරුදන් විය. පසුව ඇය කළ සොයා බැලීමකදී ඇයගේ ජංගම දුරකථනය ඇතුලු පියාගේ ලක්ෂයක් පමණ වටිනා ගල් වැඩ සඳහා භාවිත කරන උපකරණ කිහිපයක්ද, ඔහු රැගෙන ගොස් ඇතිබව දැනගන්නට ලැබී ඇත.

 

අනතුරුව මේ ගැන ඇය පොලිසියට පැමිණිළි කරන ලද්දේ අනියම් සැමියා ඇයට දී තිබූ ලිපිනය සඳහන් කරමිනි.

 

පොලිසිය එම ලිපිනය සොයාබැලූ නමුත් එවැනි කෙනෙක් එම ලිපිනයේ පදිංචිව නොසිටින බව දැනගැනීමට හැකිවී ඇත.

 

මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට පොලිසියට පැමිණි එම කාන්තාවට සිදුවූයේ නන්නාඳුනන පුද්ගලයකු සමඟ සම්බන්ධකම් පැවැත්වූ වරදට හැඬු කඳුළින් දරු දෙදෙනා සමඟ හිස් අතින් ආපසු සිය නිවෙසට යෑමටය.

views

429 Views

Comments

arrow-up