“බල්ලන්ගෙන් බළල්ලුගෙන් හොඳටම ප්‍රවේශම් වන්න” - වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

ජලභීතිකා එන්නත්වල උග්‍ර හිඟයක් පවතින නිසා සුනඛයින් සහ බළලුන් සපාකෑම්වලින් ආරක්ෂා වන ලෙස මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. ඩී. කිත්සිරි මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ජලභීතිකා වැළඳීමෙන් වාර්ෂිකව මරණ 25ක් 35ක් පමණ වාර්තා වන බවත් ඒ මහතා කීය.
ජලභීතිකා එන්නත් හිඟ වීම නිසා නිවෙස්වල ඇතිදැඩි කරන සුනඛයින් හා බළලුන් හැකි සෑම අවස්ථාවේදීම ජලභීතිකා එන්නත්කරණයට ලක් කර තබා ගැනීමට කටයුතු කරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.
සුනඛයකු, බළලකු හෝ වෙනත් සතෙකුගේ සපා කෑමට ලක්වුවහොත් විනාඩි 05ක් 10ක් සබන් යොදා සෝදාහැර රජයේ රෝහලක් වෙත රෝගියා රැගෙන යෑමට කටයුතු කරන ලෙස ද කිත්සිරි මහතා ඉල්ලා සිටී.
755 Views
Comments