අද දවසේ කාලගුණය

අද දිනයේ දී සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර, උතුරු මැද, සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.
එමෙන්ම සවස් කාලයේ දී බස්නාහිර සහ වයඹ පළාත් වලත්, උදෑසන කාලයේ දී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.
පුත්තලම සිට පොතුවිල් දක්වා කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා ඇති මුහුදු ප්‍රදේශ වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 25 ත් 35 ත් අතර වේ.
839 Views
Comments