මංගල අදත්(19) CIDයට පැමිණෙයි

හිටපු ඇමති මංගල සමරවීර අද (19) දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුවයි.
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 14 වැනිදා ද පැය 5ක් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
පුත්තලමේ අවතැන් වු ජනතාවට පසුගිය ජනාධිපතිවරණ සමයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා බස් රථ 22 කින් පුත්තලමේ සිට මන්නාරම දක්වා රැගෙන යාමට රුපියල් ලක්ෂ 95 ක් රජයේ මුදලක් ගෙවීමට අනුමැතිය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා එළෙස කැඳවා තිබුණා.
728 Views
Comments