ගුවන් හමුදා සෙබළාට දිවි අහිමි කල රිය අනතුර

මැදවච්චිය - යාපනය ඒ 9 මාර්ගයේ 150 කිලෝමීටර කණුව ආසන්නයේ සිදුවු රිය අනතුරකින් ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්‍ෂයට තිබේ.
එම මාර්ගයේ රඹෑව දෙසට ධාවනය කළ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් පැවසීය.
33 හැවිරිදි වව්නියාව ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබළෙකු අනතුරින් බරපතළ තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මෙලෙස මියගොස් තිබේ.
ඔහු මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසීය පැවසීය.
5539 Views
Comments