අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වන අනුලා බුලත්සිංහල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය අභාවප්‍රාප්ත වී ඇත.
ඇය මියයන විට 73 වන වියේ පසු වුවාය.
රතු හැට්ටකාරි, තාරාවෝ ඉඟිලෙති, මධුර ජවනිකා, කුවේණි, මහාසාර, ලෙඩෙක් නැති ලෙඩක්, චරිත දෙකක් වැනි වේදිකා නාට්‍යවල ද නිල් දිය යහන, ගෝල් වැනි සිනමාපටවලට ද ඇය රංගනයෙන් දායක වී තිබේ.
873 Views
Comments