වෑන් රථය බොක්කුවෙන් පහළට පෙරලී 4ක් රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
20

වෑන් රථය බොක්කුවෙන් පහළට පෙරලී 4ක් රෝහලට

වෑන් රථය බොක්කුවෙන් පහළට පෙරලී 4ක් රෝහලට

පුත්තලම, කල්අඩියේ සිට ඇලහැර, බකමූණ ප්‍රදේශයට ධාවනය වෙමින් තිබු තිබූ වෑන් රථයක් ආණමඩුව නගරය ආසන්යේදි බොක්කුවකින් පහළට පෙරළීමෙන් සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි ආණමඩුව පොලිසිය පවසයි.

 

පෞද්ගලික කටයුත්තකට පුත්තලමට පැමිණි බකමූණ ප්‍රදේශයේ පිරිසක් රැගත් වෑන් රිය ආපසු බකමූණ බලා ගමන් කරමින් සිටියදි ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කුඩා ලොරි රථයක් වෙනත් වාහනයට ඉස්සර කරමින් ගමන් කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 

අනතුර සිදුවන අවස්ථාවේදි වෑන් රියේ 08 දෙනෙකු සහ ලොරි රථයේ  සිව් දෙනෙකු සිට ඇති බව වාර්තාවේ.

 

කෙසේ වුවද අනතුරින් සිව් දෙනෙකු පමණක් සුළු තුවාල ලබා ඇති අතර පවතින සංචරණ නීති කඩකරමින් මෙම බකමූණ ප්‍රදේශයේ පිරිස පැමිණ ඇති බවට විමර්ශණ වලදි තහවුරු වි තිබේ.

views

727 Views

Comments

arrow-up