වඩු මැෂිම ක්‍රියාත්මක කිරීමට ගිය දෙදරුපියා විදුලිසැර වැදී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
12

වඩු මැෂිම ක්‍රියාත්මක කිරීමට ගිය දෙදරුපියා විදුලිසැර වැදී මරුට

වඩු මැෂිම ක්‍රියාත්මක කිරීමට ගිය දෙදරුපියා විදුලිසැර වැදී මරුට

නිවසක වඩුවැඩ කරමින් සිටි වඩු කාර්මිකයෙකු විදුලිසැර වැදීමෙන් මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 

මෙලෙස මියගොස් ඇත්තේ ඇතිමලේ කොටියාගල, කොටියාගල-වත්තේගම 10 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි ළිඳේ ගෙදර ජානක විජේසූරිය නැමති 29 හැවිරිදි දෙදරු පියෙකි.

 

ඔහු විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන වඩු මැෂිම ක්‍රියාත්මක කිරීමට යාමේදී ඊයේ(11) සවස අවාසනාවන්ත ලෙස විදුලිසැර වැදීමෙන් ඇතිමලේ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

 

ඇතිමලේ පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

880 Views

Comments

arrow-up