CID හිටපු ලොක්කා ශානි ගැන තීන්දුව අද

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලීසියට අනියුක්තව සේවය කරන ලද උප පොලිස් පරීක්ෂක රෝහණ මෙන්ඩිස් යන අයට ඇප ලබාදීම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද දිනයේ දී ගම්පහ මහාධිකරණය විසින් සිදුකිරීමට නියමිතයි.
අසත්‍ය තොරතුරු සහ සාක්ෂි ලබාදෙමින් අධිකරණය නොමඟ යැවීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ශානි අබේසේකර සහ රෝහණ මෙන්ඩිස් යන අය අත්අඩංගුවට ගැනීම සිදු වුණා.
පෙරේදා දිනයේදී මොවුන් සම්බන්ධයෙන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට තිබුනත් ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරුවරයා රාජකාරී නිවාඩු ලබා තිබීම හේතුවෙන් ඒම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද දිනය දක්වා කල් තැබුණා.
637 Views
Comments