OCT
21
එකම පවුලේ තිදෙනෙක්ට කොවිඩ් - කඩවත බංගලාවත්තට සංචරණ සීමා

කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු හඳුනාගැනීමත් සමග කඩවත, රන්මුතුගල බංගලාවත්ත ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබේ.
කඩවත මහර මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රදීප් වේරගල මහතා පවසා සිටියේ, ඊයේ (20) රාත්‍රී 7.30ට පමණ එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවු බවය.
එකම පවුලේ තිදෙනෙක් මෙලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි ද පැවසු ඒ මහතා, මාළු වෙළෙන්දෙක්, ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා ඒ අතර වන බව පැවසීය.
839 Views
Comments