වෙඩි ප්‍රහාරයෙන් මියගිය ක්ලබ් වසන්ත රට වටේටම ණය වෙලා - ඇමති ටිරාන්

අතුරුගිරියේදී නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් මියගිය ක්ලබ් වසන්ත නමැත්තා මිය යන විට රට වටේටම ණය වූ අතේ සතේ නැති පුද්ගලයකු බවට දැනට අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
ඔහු ඒ බව පැවසුවේ අද බත්තරමුල්ල මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
මියගිය ක්ලබ් වසන්ත නැමැත්තා සුඛෝපභෝගී ජීවිත ගත කරන වීඩියෝ පට විවිධ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුවද ඔහුගේ ව්‍යාපාර බංකොලොත්වී රටටම ණය වී ඇති බව මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.
215 Views
Comments