ජනපති මන්දිරයේ කෞතුක භාණ්ඩ ලේඛනගත නොවීම හේතුවෙන් පරීක්ෂණ අවුලක
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

ජනපති මන්දිරයේ කෞතුක භාණ්ඩ ලේඛනගත නොවීම හේතුවෙන් පරීක්ෂණ අවුලක

ජනපති මන්දිරයේ කෞතුක භාණ්ඩ ලේඛනගත නොවීම හේතුවෙන් පරීක්ෂණ අවුලක

අරගලකරුවන් අත්පත් කරගෙන සිටි කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබූ පෞරාණික භාණඩ ලේඛන ගත නොකිරීම හේතුවෙන් එහි තිබූ පෞරාණික භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් අස්ථානගත වී ඇත්දැයි අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පරික්‍ෂණ මෙහෙයවන පොලිස් නිලධාරින්ට ලිඛිතව දැනුම් දී තිබේ. 

 

ජනාධිපති ගැසට් නොකිරීමෙන් එහි තිබූ පෞරාණික භාණ්ඩ සම්බන්ධයෙන් නිවැරැදි ලේඛනයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 

 

අරගලකරුවන් ඉකුත් 09 වැනිදා අත්පත්කරගෙන සිටි කොටුව ජනාධිපති මන්දිර ගොඩනැගිල්ලට හානියක් සිදුව නොමැති බවත්, එහෙත් එම ගොඩනැගිල්ලේ බිත්ති මත කුරුටුගෑම්, පළුදු කිරිම් වැනි හානි සිදුවී ඇති බවත් මෙතෙක් කළ විමර්ෂනයේදී අනාවරණය වූ බවත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පොලිසියට දැනුම් දී තිබේ.


ගොඩනැගිල්ල අභ්‍යන්තරයේ පෞරාණික ගෘහභාණ්ඩ කිහිපයකට හානි සිදුව ඇති අතර එහි ප්‍රධාන පියගැටපෙළේ අත්වැට කැඩී විනාශ වී ඇති බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසියට දන්වා ඇත. 


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අරගලකරුවන් ජනධිපති මන්දිරභූමියේ රැඳී සිටියදීම එම භූමියේ ආරක්ෂාව තහවුරු කරමින් පසුගිය 12 වැනිදා දනුවත් කිරීමේ පුවරුවක් සවිකර ඇත.


පුරාවිද්‍යා ආරක්ෂක ස්මාරක බව දැක්වෙන පුවරු කිහිපයක් ඉදිරියේදීද ගොඩනැගිල්ලේ සවිකිරිමට පුරාවිද්‍යා දෙපාරතමේන්තුව කටයුතු කරමින් සිටින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

views

262 Views

Comments

arrow-up