මල්වර සාදයට ආ 50ක් නිරෝධායනයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

මල්වර සාදයට ආ 50ක් නිරෝධායනයට

මල්වර සාදයට ආ 50ක් නිරෝධායනයට

නිරෝධායන රීතීන් උළ්ලංඝනය කරමින් මල්වර උත්සවයක් සඳහා සහභාගීවී සිටි පවුල් 08 පුද්ගලයින් 50 දෙනෙකු දින 14ක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද (14)පියවරගෙන ඇත.

 

නොර්වුඩ් ප්‍රදේශයේ නිවසක එම මල්වර උත්සවය සංවිධානය කර ඇති අතර මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී. චන්ද්‍රරාජන් මහතා සඳහන් කළේ ඔවුන් පදිංචි නිවාසවලම නිරෝධායනය සඳහා යොමු කල බවයි.

 

මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව අදාළ නිවස වෙත නිලධාරීන් යන අවස්ථාවේදීත් අදාළ උත්සවය පැවැත්වෙමින් තිබී ඇත. 

 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දෙන්නේ නොර්වුඩ් ප්‍රදේශයේ මේ වනවිට කොවිඩ් -19 අසාදිතයන් විශාල පිරිසක් හඳුනාගෙන ඇති හෙයින් මෙවැනි උත්සව සංවිධානය කිරීම අවදානම් බවයි.

views

832 Views

Comments

arrow-up