සංචරණ සීමා ලිහිල් සමයේ පොදු ප්‍රවාහන සේවා නෑ - එළියට යා හැක්කේ පා ගමනින් පමණයි

හෙට දිනය තුළ සංචාරණ සීමා තාවකාලිකව ඉවත් කළද පොදු ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක නොවන බව රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරනවා.
මේ අතර සංචරණ සීමා ලිහිල් කළ ඇති කාලසීමාව තුළ එනම් මැයි 25 මැයි 31 සහ ජුනි 4 වනදා අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනීම සඳහා එළියට යා හැක්කේ පාගමනින් පමණක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
ඒ අනුව අදාළ දින 3 තුළ වාහන මගින් බාහිරට යාම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.
2017 Views
Comments