කොළඹ සහ ගම්පහටත් ඇදිරි නීතිය ඉවත් කිරීමට සාකච්ඡා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

කොළඹ සහ ගම්පහටත් ඇදිරි නීතිය ඉවත් කිරීමට සාකච්ඡා

කොළඹ සහ ගම්පහටත් ඇදිරි නීතිය ඉවත් කිරීමට සාකච්ඡා

එළඹෙන අඟහරුවාදා දින සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකහි ද ඇඳිරි නීතිය සෙසු දිස්ත‍්‍රික්ක ආකාරයට ලිහිල් කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත් වී ඇත.

 

ඒ අනුව බොහෝ දුරට ලබන සදුදා දිනයේ අවසන් සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගැනීමට නියමිතව ඇති බව ඉහළම පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය. දැනට දින 23 පමණ කාලයක් තිස්සේ සමාජයෙන් කිසිදු කොරෝනා වෛරස ආසාදන නොවූ නිසා මෙම තීරණය ගැනීමට නියමිතව ඇත.

 

දැනට කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ සහ විදේශයන්ගෙන් පැමිණෙන පිරිස් වලින් පමණක් නිසා තවදුරටත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල අඛණ්ඩ ඇඳිරි නීතිය පවත්වාගෙන යෑම අවශ්‍යතාවයක් නොමැති බව රජයේ අදහස වී ඇත.

 

ඒ අනුව අගහරුවාදා දින සිට බොහෝ දුරට සෙසු දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක ආකාරයටම රාත්‍රී කාලයේදී පමණක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක තුලද ඇදිරි නීතිය ක‍්‍රියාත්මක කිරීමක් සිදුවිය හැකි බවත් එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.

views

840 Views

Comments

arrow-up