MT NEW DIAMOND නැවට ගැලවුම්කාර නියෝජිතයින් තිදෙනෙක් ඇතුළු වෙයි

ගිනි ගැනීමට ලක්වු නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ ගැලවුම්කාර සමාගමේ නියෝජිතයින් තිදෙනෙකු නෞකාවට ඇතුළු වී ඇති බව නාවික හමුදාව පවසයි.
ගිනි ගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ තවත් ඉන්ධන පැල්ලමක් නිරීක්ෂණය වී ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.
ඊයේ දිනයේ ද නෞකාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඩීසල් පැල්ලමක් නිරීක්ෂණය වී තිබූණි.
විශේෂිත රසායන ද්‍රව්‍යයක් ඉසීමෙන් ඉන් සාගර පරිසරයට විය හැකිව තිබූ බලපෑම අවම කිරීමට පියවර ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
682 Views
Comments