ඇසළ පෙරහැර සාර්ථකව අවසන්

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය සාර්ථකව අවසන් කළ බව දියවඩන නිලමේවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංදේශයක් මගින් ඊයේ (12) පස්වරුවේ භාර දෙන ලදී.
ඒ අනුව දින දහයක් පුරා පැවති මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අවසන් කෙරුණේ ඊයේ (12) අලුයම ගැටඹේ දිය කපනා තොට විහාරස්ථානයේ සිදු කළ සිව් මහා දේවල් වල දිය කැපීමේ චාරිත්‍රයත් සමගයි.
ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර පෙරේදා (11) රාත්‍රියේ වීදි සංචාරය කළ අතර ජනාධිපතිවරයා විසින් එහි දී අලි ඇතුන්ට පලතුරු සංග්‍රහයක් ලබාදීමට ද කටයුතු කර ඇත.
257 Views
Comments