MAY
31
ජුනි 15 දක්වා සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි

මැයි මස 11 වන දා සිට මැයි මස 31 වන දා දක්වා සියළු පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන්ගේ රාජකාරි නිවාඩු අවලංගු කිරීමට ගත් තීරණය ජුනි 15 වනදා දක්වා දීර්ඝ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා.
ඒ අනුව දිවයිනේ සියලු පොලිස් ස්ථානවල රාජකාරි කටයුතුවල නිරත වන සියළුම නිලධාරීන්ගේ නිවාඩු ජුනි 15 වන දා දක්වා අවලංගු කර තිබෙනවා.
980 Views
Comments