ඡන්ද කාඩ් නොබෙදා දවස් 11ක් ළඟ තබාගත් තැපැල්කරුගේ වැඩ තහනම්

කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පයාගල, ඈතගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් දෙකකට නිල ඡන්ද කාඩ්පත් බෙදා නොමැති බවට එම ගම්මානයේ ජනතාව චෝදනා නගති.
පයාගල, ඈතගම නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිලධාරි වසම්වලට අයත් ජනතාව මෙසේ චෝදනා නගති.
කළුතර ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් පයාගල උප තැපැල් කාර්යාලයට එම ඡන්ද කාඩ් ලැබී ඇත්තේ පෙරේදා (18) උදෑසන බවත්, කැමති අයට තැපැල් කාර්යාලයට පැමිණ ඡන්ද කාඩ් ලබාගත හැකි බවත් දැන්වූ බවට ඔවුහු පවසති.
ඒ අනුව කිහිපදෙනෙක් ඡන්ද කාඩ්පත් ලබාගෙන ඇති බවද ඔවුහු පවසති.
මේ පිළිබඳ අදහස් දැක්වූ නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත කේ. රණසිංහ මහතා :
කළුතර තැපැල්කරුවෙක් එම ඡන්ද කාඩ්පත් ළඟ තබාගෙන සිටි බවට සිද්ධියක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මූලික විමර්ශනයක් සිදුකර වරදකරු සේවයෙන් ඉවත් කිරීමට උපදෙස් දුන්නා.
159 Views
Comments