ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය ලබන 30 වනදා දා දක්වා දීර්ඝ කර ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ අත්‍යාවශ්‍ය සේවා සඳහා ලබා දුන් ඇඳිරි නීති බලපත්‍රවල කාලය ලබන 10 වනදා අවසන් වීමට නියමිතව ඇති බවත් එය එය ලබන 30 වනදා දක්වා මෙලෙස දීර්ඝ කළ බවයි.
වරාය, නැව් සමාගම, රේගුව, ආගමන විගමන, සෞඛ්‍ය, ඛනිජ තෙල්, විදුලි සංදේශ, විදුලි හා ජල සැපයීම, කෘෂිකර්ම කටයුතු, ලංකා ගමනා ගමන මණ්ඩලය, දුම්රිය සේවාව, මහා භාණ්ඩාගාරය, මහ බැංකුව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික බැංකු, මාධ්‍ය ආදී රාජ්‍ය හා පෞද්ගලික අංශ මඟින් පවත්වා ගෙන යනු ලබන අත්‍යාවශ්‍ය සේවා සඳහා ඇඳිරි නීති කාලය තුළ ගමන් කිරීමට ඔවුන්ගේ සේවා හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත්‍රයක් ලෙසට භාවිතා කිරීම සඳහා ලබා දුන් අවසරය තවදුරටත් අප්‍රේල් 30 වන දින තෙක් දීර්ඝ කර තිබේ.
785 Views
Comments