කොවිඩ් එන්නත වැඩියෙන්ම සහ අඩුවෙන්ම ලබාගත් දිස්ත්‍රික්ක ගැන අනාවරණයක්

ඔමික්‍රෝන් කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ රෝග ලක්ෂණ මතුවී ඇත්තේ වෙනස් ආකාරයකින් බව කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය ඒ බව පැවසුවාය.
“ඔමික්‍රෝන් කියන ප්‍රභේදය තාම අලුත්. පැතිරීම, බරපතළකම ගැන අපි දන්නේ නෑ. මේක දකුණු අප්‍රිකාවේ උණ වෙනත් රෝග ලක්ෂණ එක්ක තමයි මතුවෙලා තියෙන්නේ. අපි දිගටම පරීක්ෂණ කරනවා. පසුගිය දින 14 ඇතුළත ලංකාවට ඒ අවදානම් රටවලින් සංචාරකයින් ඇවිල්ලා තියෙනවා ද කියලා මේ වෙනකොට සෞඛ්‍ය අංශ විමර්ශන කරනවා.”
”මෙරට ජනගහණයෙන් 62.7% කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තියෙනවා.”
”එන්නත් ලබාගත් ප්‍රතිශතය වාර්තා වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයෙන්. ඒ 67%ක්. අඩුවෙන්ම කිලිනොච්චියේ. ඒ 32%ක්.”
736 Views
Comments