ඊයේ දින හදුනා ගත් රෝගීන්ගේ තොරතුරු

ඊයේ දිනය තුල මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 662 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
මෙරට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදතයින් සංඛ්‍යාව 36,048ක් වන අතර ඉන් 27,060ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඊයේ දිනයේදී වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති අතර එම සංඛ්‍යාව 259ක්.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 79 ,
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන්164,
මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 46 හදුනාගෙන තිබෙනවා
686 Views
Comments