JUN
06
තේ දලු නෙළමින් සිටි බාලවයස්කාර දැරිය කෙළෙසූ සැකකරු සොයා පරික්‍ෂණ

තේ දලු නෙළමින් සිටි වයස අවුරුදු 14යි මාස 6ක් වයසැති බාල වයස්කාර දැරියක් දූෂණය කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වැලිපැන්න පොලිසිය පරීක්‍ෂණ අරඹා ඇත.
දැරිය තේ දලු නෙළමින් සිටියදී පැමිණ ඇති සැකකරු දැරියගේ හිස පැළඳි රෙදි කඩින් ඇගේ කට බැඳ මෙම අපරාධය සිදුකර තිබේ.
වැලිපැන්න පොලිසිය සිදුවීම පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
748 Views
Comments