කෑගල්ලේ ධම්මික පැණිය පානය කළ අයෙකුටත් කොරෝනා

කෑගල්ලේ ධම්මික වෙදමහතාගේ පැණිය පානය කළ අයෙකුටත් කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.
වරකාපොළ ප්‍රාදේශීය බල ප්‍රදේශයේ වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දොළොස් දෙනෙකු හඳුනා ගැනුණා.
ඔවුන් අතරින් අයෙක් කෑගල්ලේ ධම්මික වෙද මහතාගේ පැණිය පානය කළ බව පවසා තිබෙනවා. එම පුද්ගලයා උඩුකුඹුර ඔත්නාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු කෑගල්ලේ පැනිය පානය කර ඇති බව වරකාපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත කුමාර මහතා සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
641 Views
Comments