ලොරියක් පෙරළි ව්‍යාපාරිකයෙක් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
13

ලොරියක් පෙරළි ව්‍යාපාරිකයෙක් ජීවිතක්‍ෂයට

ලොරියක් පෙරළි ව්‍යාපාරිකයෙක් ජීවිතක්‍ෂයට

මොරගහහේන වීදියගොඩ, දියකඩ මාර්ගයේදී ව්‍යාපාරිකයෙකු සිය බිරිඳ සමග කුඩා ලොරි රථයකින් යමින් සිටියදී එම ලොරිය පෙරළී එයටම යටවීමෙන් ඔහු මියගොස් ඇතැයි මොරගහහේන පොලීසිය පවසයි.

 

අනතුරින් මියගොස් ඇත්තේ වැල්මිල්ල හාලපිටිය පදිංචිව සිටි ආර්. ඒ. ජිනරත්න නමැති 67 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

 

මියගිය ව්‍යාපාරිකයා වීදියගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන පළතුරු වෙළෙඳසැල වසා දමා බිරිඳ සමග ලොරියෙන් යමින් සිටියදී ලොරි රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් බෑවුමට පෙරළී එම ලොරියටම යටවී මිය ගොස් තිබුණි.

views

181 Views

Comments

arrow-up