මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයාගේ මලසිරුර වැව අසළින් සොයාගැනේ

වවුනියාව, ඉරට්ටපෙරියකුලම වැවේ මසුන් මැරීමට ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් වැව අසල තිබී සොයාගත් බව ඉරට්ටපෙරියකුලම පොලිසිය කියයි.
තවත් පිරිසක් සමඟ පෙරේදා(04) සවස මසුන් ඇල්ලීමට ගොස් ඇති මෙම පුද්ගලයා නැවත නිවසට නොපැමිණිම නිසා නිවැසියන් සිදුකළ සොයා බැලීමකදී වැව අසල තිබූ එම පුද්ගලයාගේ සිරුර සොයාගෙන තිබේ.
එලෙස මියගොස් තිබෙන්නෙ වවුනියාව,මදුරානගර් ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකි.
එම පුද්ගලයා මියගියේ කෙසේද යන්න මෙතෙක් අනාවරණයවී නොමැති අතර මියගිය පුද්ගලයා කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් තිබේද නැතිනම් වෙනත් කාරණාවක්ද යන්න විමර්ශන සිදුකරන බව පොලිසිය පැවසීය.
මියගිය පුද්ගලයාගේ සිරුර පිළිබඳව මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් පසුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා සිරුර වවුනියාව මහ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
ඉරට්ටපෙරියකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
667 Views
Comments