යුක්‍රේනයෙන් ගෙන්වූ තවත් කසළ කන්ටේනර් ගැන ව්‍යාපාරිකයින් 8 දෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකාවට කසල කන්ටේනර් ගෙන්වීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් 8 දෙනෙකුගෙන් ශ්‍රී ලංකා රේගුව ප්‍රශ්න කරයි.
කොත්තමල්ලි ආනයනය කරන බව පවසමින් යුක්‍රේනයේ සිට මෙරටට ගෙන්වන ලද කන්ටේනර් බහාලුම් විසි අටක් ඇග්‍රොනිකා ට්‍රේඩ් යන සමාගමකින් මෙලෙස කසල පිරවූ බහලුම් ආනයනය කර තිබෙනවා.
දෙසැම්බර් දහ වනදා බහාලුම් 8ක් සහ දෙසැම්බර් විසි එක් වන දා බහාලුම් 20ක් ආනයනය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම බහාලුම් 28 හි ඇති ද්‍රව්‍ය හදුනා ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසනවා.
801 Views
Comments