ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් දිවිසැරිය නිමා කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
20

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් දිවිසැරිය නිමා කරයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් දිවිසැරිය නිමා කරයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ඊයේ (19) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

 

කලක් රෝගාතුරව සිටි වික්ටර් අයිවන් මහතා ගාල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය.

 

මිය යනවිට ඔහු 75වැනි වියෙහි පසුවිය.

 

වික්ටර් අයිවන් මහතාගේ ඉල්ලීම මත ඔහුගේ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු කිරීමට නියමිත අතර, ඒ අනුව අවසන් කටයුතු ගාල්ලේ දී අද  (20) සිදු කිරීමට නියමිතව ඇත.

 

මෙරට පුවත්පත් කලාවට ගවේෂණාත්මක වාර්තාකරණය හඳුන්වාදුන් පුරෝගාමියා වූ මාජුවානා කන්කානම්ගේ වික්ටර් අයිවන් මහතා උපත ලැබුවේ 1949 වසරේ ජූනි 26 වැනිදාය.

 

අරගලකාරී අදහස්වලින් පිරිපුන් වික්ටර් අයිවන් තරුණ අවදියේදී සිය ජවය 71 කැරැල්ලට ලබාදුන්නේ පොඩි අතුල ලෙස පෙනී සිටිමිනි. 

 

71 කැරැල්ලේ සන්නද්ධ අංශයේ කටයුතු කළ ඔහු සිය ජීවිතය අවදානමේ හෙළමින් ක්‍රියාකළ අයුරු ඔහුගේ ජීවිතයේ මතක සටහන් ලෙස දක්නට ලැබුණි.

 

දේශපාලන විචාරකයෙක්, න්‍යායාචාර්යවරයෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක් වූ වික්ටර් අයිවන් මහතා රට තුළ වඩාත් පතල වූයේ ගවේෂණාත්මක පුවත්පත් කලාවේදියෙක් ලෙසින්ය. 

views

109 Views

Comments

arrow-up