දැඩි සත්කාර ඒකක ඇඳන් දේශීයව වාණිජ වශයෙන් නිපදවීම ඇ‍රැඹෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

දැඩි සත්කාර ඒකක ඇඳන් දේශීයව වාණිජ වශයෙන් නිපදවීම ඇ‍රැඹෙයි

දැඩි සත්කාර ඒකක ඇඳන් දේශීයව වාණිජ වශයෙන් නිපදවීම ඇ‍රැඹෙයි

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි Rex Industries සමාගම විසින් දේශීයව නිපදවූ දැඩි සත්කාර ඇඳන් සාම්පලයට වෛද්‍ය විද්‍යානුකූල බවට අනුමැතිය ලැබීමෙන් පසු එම ඇඳන් වාණිජ්‍යමය වශයෙන් නිපදවීම අද (03) සිට ඇ‍රැඹිණි.

 

මෙම කටයුත්තට ප්‍රධාන අරධිතයා ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා එක්විය. මීගමුව, කට්‍ටුව, හලාවත පාර, අංක 451/2 යන ස්ථානයේ පිහිටි රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් (Rex Industries) නිෂ්පාදනාගාරයේදී මෙම කටයුතු සිදු කෙරේ. කොරෝනා වසංගතයට රටක් ලෙස මුහුණදීමේදී මෙරට සෞඛ්‍ය පද්ධතිය මුහුණ දෙන බරපතලම ගැටළුවක් වන ‘දැඩි සත්කාර ඇඳන් හිඟවීම’ට කඩිනම් පිළියමක් ලෙස මෙවැනි ව්‍යාපෘතියක් ඇ‍රැඹු බව මෙහිදී කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කළේය.

 

මෙම අවස්ථාවට රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් අධිපති සුනිල් ප්‍රනාන්දු ,අධ්‍යක්ෂ සහන් ප්‍රනාන්දු, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි, අමාත්‍යංශ අතිරේක ලේකම් එස්.එල් නසීර්,අමාත්‍යංශයේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් ලලන්ත ගුණසේකර යන මහත්වරු ද එක්වී සිටියහ.

 

views

715 Views

Comments

arrow-up