ගෝටාගෝ ගමට සහ මයිනා ගෝ ගමට මාතරින් නව බස් සේවාවක් අරඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

ගෝටාගෝ ගමට සහ මයිනා ගෝ ගමට මාතරින් නව බස් සේවාවක් අරඹයි

ගෝටාගෝ ගමට සහ මයිනා ගෝ ගමට මාතරින් නව බස් සේවාවක් අරඹයි

කොලඹ ගෝල්ෆේස් පිටියේ හා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වෙන ජන අරගලයට යාම සදහා “ගෝඨාගෝගම” සහ “මයිනාගෝගම” ලෙස නව බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට මාතර නගරයේ ව්‍යාපාරිකයෙකු කටයුතු කර ඇත.

 

ඔහුගේ කුලී පදනම මත ලබා දෙන බස් රථ,වෑන් හා මෝටර් රථ ඒ සදහා යොදවා තිබේ.

 

එම බස් රථ ඉදිරිපිට”ගෝඨාගෝගම”හා “මයිනාගෝගම”ලෙස පුවරු ද ප්‍රදර්ශනය කර තිබෙන අයුරු දැක ගන්නට ඇත.


ඒ පිළිබඳ අදහස් දැක්වූ ටී.ඩබ්ලිව්.ටූවර්ස් හිමිකරු වන තජී ගයාශාන් වනිගතුංග මහතා මෙසේ කීය.

 

“මේ ආණ්ඩුව අපේ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම බංකොලොත් කරලයි තිබෙන්නේ.ඉන්ධන මිල වැඩි නිසා මනුස්සයෙක් අද වාහනයක් රෙන්ට් එකට ගන්න එන්නේ නෑ.මේ දවස් වල ආණ්ඩුව ගෙදර යැවීමේ ජන සටනට සහාය දෙන්න කණ්ඩායම් වශයෙන් පිරිස් කොලඹ යන්න එනවා.ඔවුන් කියන්නේ ගෝඨාගෝගමට මයිනාගෝගමට යන්න ඕන කියලයි.ඒ නිසා මමත් මගේ වාහන වල ඒ ගම් දෙකේ නම් ප්‍රදර්ශනය කලා.එය මිනිස්සුන්ටත් ලොකු පහසුවක්."

views

1109 Views

Comments

arrow-up