අනවසරයෙන් දැව කැපූ අය පොලිස් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

අනවසරයෙන් දැව කැපූ අය පොලිස් අත්අඩංගුවට

අනවසරයෙන් දැව කැපූ අය පොලිස් අත්අඩංගුවට

මඩු රක්ෂිතයෙන් අනවසරයෙන් දැව කපා ඒවා ප්‍රවාහනයට සූදානම් කර තිබියදී විශේෂ කාර්ය බලකාය පුවරසන්කුලම් කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරු විසින් කපා තිබුණු බුරුත කඳන් තොගයක් මෙහිදී සොයා ගැනුණු අතර විශේෂ කාර්ය බලකා නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබිණ.

 

ඊයේ(08) රාත්‍රියේ මඩු රක්ෂිතයේ සින්න වලයංකට්ටු ප්‍රදේශයේදී සිදු කළ වැටලීමෙන්
අත්අඩංගුවට ගැනුණු සැකකරු නඩු භාණ්ඩ සමඟ විමර්ශන කටයුතු සඳහා මඩු අඩවිවන කාර්යාලය වෙත භාරදී තිබේ.

 

views

607 Views

Comments

arrow-up