ඉතාලියේදී කුඩා දරු දෙදෙනාගේ ගෙල සිරකර මරාදැමූ ලාංකික කත පැන යයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

ඉතාලියේදී කුඩා දරු දෙදෙනාගේ ගෙල සිරකර මරාදැමූ ලාංකික කත පැන යයි

ඉතාලියේදී කුඩා දරු දෙදෙනාගේ ගෙල සිරකර මරාදැමූ ලාංකික කත පැන යයි

අවුරුදු 11 සහ අවුරුදු 3 දියණියන් දෙදෙනෙකු ඝාතන කළ බව කියන මව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබේ.

 

ඉතාලියේ වෙරෝනා නගරයේ නවාතැන්පොළක සිටි බව කියන ශ්‍රී ලාංකික කාන්තාව දියණියන් දෙදෙනා ඝාතනය කර මේ වන විට පළා ගොස් සැඟව ඇතැයි ඉතාලි මාධ්‍ය වාර්තා කර ඇතැයි වෙරෝනාහි පදිංචි ශ්‍රී ලාංකිකයින් පවසයි.

 

මෙම කාන්තාව නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර දරුවන් දෙදෙනාගේ ගෙල සිරකර මෙම මරණ සිදු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

 

සැකකාර කාන්තාව තම ශ්‍රී ලාංකික සැමියා සමඟ ඉතාලියට ගොස් සිටියදී ඇතුවූ පවුල් ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් වෙන්ව දරු දෙදෙනා සමඟ ඉතාලි ළමාරක්ෂක අධිකාරියෙන් ලබාදුන් නිවසක ජීවත්ව තිබේ.

views

938 Views

Comments

arrow-up