ඉෂාලිනීගේ මරණයෙන් මසකට පසු රිෂාඩ් බදියුදීන් සැකකරුවෙකු ලෙස නම් කරයි

රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටි ඉශාලිනී ජූඩ් දැරියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ඔහුව සැකකරුවෙකු ලෙස නම් කරනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු බදුර්දීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු අනෙකුත් සැකකරුවන් 4 දෙනා එළඹෙන සැප්තැම්බර් 6 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද අධිකරණය නියෝග කලා.
මියගිය දැරියට දීර්ග කාලයක් තිස්සේ ලිංගික ප්‍රවේශයක් සිදුව ඇති බව දැරියගේ දේහයට කළ පළමු මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබුණි.
මීට අමතරව රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා බන්ධනාගාරය තුළ සිට වෛද්‍යවරයෙකුට මරණ තර්ජනය කළා යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තුමේන්තුව විසින් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
1239 Views
Comments