තලේබාන් සංවිධානයෙන් ශ්‍රී ලංකාව කළ ඉල්ලීම

කිසිදු විදේශිකයෙකුට හානියක් නොකරන බවට තලේබාන් සංවිධානය ලබා දුන් ප්‍රතිඥාවට අඛණ්ඩව ගෞරව කරන ලෙස ශ්‍රී ලංකා රජය විසින් ඉල්ලීමක් කර ඇත.
තවද එම සංවිධානය විසින්, ඉස්ලාමීය සම්ප්‍රදාය අනුගමනය කරමින් ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට රැකියා කිරීමට හා ගැහැණු ළමුන්ට පාසල් යාමට යා හැකි ලෙස ලබා දුන් ප්‍රතිඥා පිළිබඳවද ශ්‍රී ලංකා රජය සතුටු වන බව දක්වා ඇත.
දැනට බලයේ පවතින තලේබාන් සංවිධානයෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කර ඇත්තේ නීතිය හා සාමය ස්ථාවර කර, ඇෆ්ගනිස්තානයේ සියලු ජනතාවගේ ආරක්ෂාව, සුරක්ෂිතතාව හා ගෞරවය ආරක්ෂා කරන ලෙසයි.
2634 Views
Comments