ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග දෙදෙනෙක් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
24

ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග දෙදෙනෙක් අල්ලයි

ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග දෙදෙනෙක් අල්ලයි

කන්තලේ ප්‍රදේශයේ දී ව්‍යාජ අමෙරිකානු නෝට්ටු තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

කන්තලේ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ වැටලීමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී එක් සැකකරුවෙකු සතුව තිබී ව්‍යාජ අමෙරිකානු ඩොලර් 100 නෝට්ටු 341 ක් සහ අනෙක් සැකකරු සතුව තිබී ව්‍යාජ අමෙරිකානු ඩොලර් 100 නොට්ටු 31 ක් සොයාගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල සහ ඉබ්බාගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

 

වැඩිදුර පරීක්ෂණ කන්තලේ පොලිසිය විසින් සිදුකිරීමට නියමිත අතර සැක කරුවන් අද (24) කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

views

550 Views

Comments

arrow-up