OCT
07
කෝටි 10කට අධික හෙරොයින් තොගයක් කැස්බෑවෙන් හමුවේ

රුපියල් කෝටි දහයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් කැස්බෑව සිද්ධමුල්ල ප්‍රදේශයේ නිවසක තිබී සොයාගැනීමට තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.
එසේම නිවසේ තිබී මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝල පතරොම් දහනවයක්, හෙරොයින් ඇසුරුම් කිරීම සඳහා යොදාගත් උපකරණ සහ ව්‍යාජ වාහන අංක තහඩු දෙකක් ද හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
වැටලීම සිදුකරන අවස්ථාවේදී නිවසේ සිටි සැකකරුවන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
231 Views
Comments