රවිගේ රිට් පෙත්සම සලකා බැලීම හෙට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුලු සිව්දෙනෙකු විසින් ගොණු කර ඇති රීට් පෙත්සම හෙට පෙරවරුවේ සළකා බැලිමට අභියාචනාධිකරණය තීරණය කර තිඛේ.
අදාල පෙත්සම අද සලකා බැලුණේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ එච් එම් ඩී නවාස් සහ අර්ජුණ ඔඛේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.
රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායකයා අත්අඩංගුවට ගැනිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් නිකුත් කර ඇති වරෙන්තුව නීතියට පටහැනි බවයි.
අදාල අත්අඩංගුවට ගැනිමේ වරෙන්තු නිකුත් කිරිමට පෙර මහේස්ත්‍රාත්වරයා තම සේවාදායකයාගෙන් කිසිදු කරුණු විමසීමක් සිදු නොකල බවද එහිදී සඳහන් කෙරුණා.
ඒ අනුව අදාල වරෙන්තුව ක්‍රියාත්මක කිරිම වැළැක්වීමේ තාවකාලික නියෝගයක් නිකුත් කරන ලෙස රවී කරුණානායක මහතා පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා තිඛේ.
733 Views
Comments