දිස්ත්‍රික්ක රැසකට මි.මි 100 ඉක්ම වූ තද වැසි සමඟ ගිගුරුම් සහිත වැසි - මුහුදු යෑමත් අවදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
12

දිස්ත්‍රික්ක රැසකට මි.මි 100 ඉක්ම වූ තද වැසි සමඟ ගිගුරුම් සහිත වැසි - මුහුදු යෑමත් අවදානම්

දිස්ත්‍රික්ක රැසකට මි.මි 100 ඉක්ම වූ තද වැසි සමඟ ගිගුරුම් සහිත වැසි - මුහුදු යෑමත් අවදානම්

උතුරු, නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ.

 

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

තවද මෙම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසිද ඇති විය හැක. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැක. කෙසේ වෙතත්, දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදේ කාලයේදීද වැසි ඇතිවිය හැක.

 

උතුරු සහඋතුරු-මැද පළාත්වල සුළගේ වේගය විටින්විට පැ.කි.මී. (40-50)දක්වා වැඩිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. පුත්තලම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි ඇති විය හැක.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

 

පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

 

පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන්රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

 

views

669 Views

Comments

arrow-up