නෞකාවල සේවය කළ ලාංකිකයින් 236 දෙනෙක් අද දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

නෞකාවල සේවය කළ ලාංකිකයින් 236 දෙනෙක් අද දිවයිනට

නෞකාවල සේවය කළ ලාංකිකයින් 236 දෙනෙක් අද දිවයිනට

විදේශීය නෞකාවල සේවයේ යෙදී සිටි ලාංකිකයින් 236 දෙනකු අද මවුබිමට රැගෙන ඒමට නියමිත බව යුධ හමුදාව නිවේදනය කර සිටිනවා.

 

ජර්මනියේ, හැම්බර්ග් නුවර සිට මෙම පිරිස ලංකාවට රැගෙන එන බවයි යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේ.

 

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මේ සඳහා යෙදවීමට නියමිතයි.

 

මෙලෙස පැමිණෙන සියලූ‍ දෙනා PCR පරික්ෂණයට ලක් කරන බවද අනතුරුව ඔවුන් හමුදාවන් යටතේ නිරෝධායනයට යොමු කරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

 

views

709 Views

Comments

arrow-up