නිරෝධායන නීති කැඩූ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පොලිසිය අධිකරණ ක්‍රියාමාර්ග ගනී

පොල්දූව මංසන්ධියේ අද උදෑසන නිරෝධායන නීති නොතකමින් සංවිධානය කර තිබූ විරෝධතාව සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් යොමු කර තිබේ
පෝට් සිටි පනතට එරෙහිව විරෝධතාවය යෙදුණු විරෝධතාකරුවන් පනවා ඇති නිරෝධායන රීතීන් උල්ලංඝනය වන ආකාරයට කටයුතු කර ඇති බව එම බී වාර්තාවේ සඳහන් වේ.
CCTV දර්ශන භාවිතයෙන් මෙම විරෝධතාවය මෙහෙය වූ පුද්ගලයින් සොයා ඔවුන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසයි.
මෙම විරෝධතාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති සහ විජිත හේරත් ඇතුළු ක්‍රියාකාරිකයින් පිරිසක් එක්වී සිටියා.
source: hirunews
1193 Views
Comments