හෙට විදුලි කප්පාදුවක් නැහැ - විදුලිබල මණ්ඩලයෙන් දැනුම්දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
11

හෙට විදුලි කප්පාදුවක් නැහැ - විදුලිබල මණ්ඩලයෙන් දැනුම්දීමක්

හෙට විදුලි කප්පාදුවක් නැහැ - විදුලිබල මණ්ඩලයෙන් දැනුම්දීමක්

හෙට(12) දිනයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි.

 

එම මණ්ඩලය දැනුම් දුන්නේ පවතින විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට හැකි බැවින් එම තීරණය ගත් බවය. 

 

පසුගිය ඉරිදා දිනයේදී සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීම සඳහා ඊයේ සහ අද දිනයේ පැය එකහාමාරක කාලයක් දිවයිනේ සෑම ප්‍රදේශයකටම විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබීය.

 

ඒ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් දක්වා පැය 06ක කාලසීමාව තුළ කාණ්ඩ 04ක් ඔස්සේ ඊයේ දිනයේ දිවයින පුරා පැය එකහාමාරක විදුලි කප්පාදුවක් සිදුකෙරුණු අතර එය අද දිනයේද ක්‍රියාත්මකය.

views

97 Views

Comments

arrow-up