රටක් සුවපත් කරන්න විශ්‍රාමික හෙද හෙදියන්ට නැවතත් සේවයට ආරාධනා

හෙද සේවයෙන් විශ්‍රාම ගොස් ඇති හෙද හෙදියන් අවශ්‍යතාවයන් මත නැවතත් කොන්ත්‍රාත් පදනම මත සේවයට බදවා ගැනීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය ඇමැතිවරිය ට උපදෙස් ලබා දී ඇත.
දැනට සේවයේ නිරත හෙද හෙදියන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරීම සඳහා අගමැතිවරයා සමග පැවැත්වූ පැවැත්වූ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.
මීට අමතරව දැනට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩි සත්කාර ඒකකවල සේවය කරන නුපුහුණු හෙදියන්ගේ පුහුණු කාලය සහ ඔවුන් සේවය කරන කාලය එකතු කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබුණා.
1335 Views
Comments