“මම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටිනවා” - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

“මම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටිනවා” - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

“මම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටිනවා” - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වලට 15% ක ස්ථාවර පොළියක් ලබාදී ඔවුන්ගේ ආර්ථිකය ස්ථාවර කරන තෙක් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අඛණ්ඩව හඬ නගන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

 

ජීවිතයේ සැදැ සමයේ සිටින වැඩිහිටියන්ගේ ගිණුම්වලට ලැබුණු 15%ක පොලි ආදායම මේ වන විට 6%ට 8%ට පහත දමා ඇති බවත් මොවුන් දහඩිය මහන්සියෙන් ඉතිරි කර ගත් මුදලට ලැබුණු පොළියෙන් බෙහෙත් ඇතුළු අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.

 

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 142 වැනි අදියර යටතේ මුලතිව් වැලිඔය මුහුදුබඩපත්තු ඇහැටුගස්වැව විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

 

එම පොලි අනුපාත අඩු කර ඇති මොහොතක වැඩිහිටියන්ට අත්වන ඉරණම පිළිබඳ සියලුම දේශපාලනඥයන් අවධානය යොමු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

මේ සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේ හඬ නඟා එම පොලිය 15%ට ලබා දෙන ලෙස යෝජනා කළ බවත් එම යෝජනාව මහපොළොවේ යථාර්ථයක් වී ක්‍රියාත්මක වන තෙක් තමා ඒ වෙනුවෙන් හඬ නගන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 

දූදරුවන් මෙන්ම වැඩිහිටියන්ගේ ජන ජීවිත සුරක්ෂිත කිරීම, ඔවුන්ට අදාළ රැකවරණය හා පහසුකම් ලබා දීම ශිෂ්ඨසම්පන්න ජන සමාජයක තිබිය යුතු උතුම් ගුණාංගයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

views

237 Views

Comments

arrow-up