ඩීසල් නිකුත් කිරීම සීමා කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

ඩීසල් නිකුත් කිරීම සීමා කෙරේ

ඩීසල් නිකුත් කිරීම සීමා කෙරේ

පවතින ඩීසල් තොග සීමාසහිත වීම හේතුවෙන් ඩීසල් බෙදාහැරීම සීමා කර ඇති බව ඛනිජ තෙල් බෙදුම් කරුවන්ගේ සංගමය පවසනවා.

 

එහි ලේකම් කපිල නාඔන්න මහතා සදහන් කළේ ප්‍රමුඛතා ලයිස්තුවක් මත තෝරාගත් ඉන්ධන පිරවුම්හල් වෙත පමණක් ඩීසල් බෙදාහැරීමට කටයුතු කරන බවයි.

 

මේ වන විට සංස්ථාව සතුව ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් පමණ ඇති අතර දෛනිකව නිකුත් කෙරෙන්නේ මෙට්‍රික් ටොන් 2,500ක් පමණි.

 

තවත් ඩීසල් තොගයක් ඇනවුම් කර ඇති නමුත් එම තොගය පැමිණීම මේ වනවිටත් අවිනිශ්චිතතාවයක පවතින බවයි වාර්තා වන්නේ.

views

1326 Views

Comments

arrow-up