ගල්කිස්සේ දැරියක් විකුණා කෝටි 4 ක් ඉපැයූ තැරැව්කරු 4 තෙක් රිමාන්ඩ්

ගල්කිස්ස ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක ඇතුලු කාන්තාවන් පිරිසක් ලිංගික කටයුතු සඳහා වෙළෙදාම් කර කෙටිකලකදී රුපියල් කෝටි 4කට අධික මුදලක් උපයාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එම සිද්ධියේ තැරැව්කරු, ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (22) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වාද්දුව පදිංචි විතානගේ රජීව් රවිනාත් ජයසිංහ නැමැත්තාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසිනි.
768 Views
Comments