Update - මහර බන්ධනාගාර ගැටුමෙන් 6ක් මියගොස් 35කට තුවාල

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට කළ වෙඩි තැබීමකින් මිය ගිය රැඳවියන් ගණන 6 දක්වා ඉහළ ගොස් ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි.
සිදුවීමෙන් තවත් රැඳවියන් 35දෙදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මේ වනවිට එහි තත්වය පාලනය කිරීම සඳහා යොදවා ඇති අතර, නාවික හමුදාවද මහර බන්ධනාගාරය අසළට කැඳවා තිබේ.
ඊයේ බන්ධනාගාරය ඇතුළත ගින්නක් පැවැති අතර මේ වනවිට ගින්න පාලනය කර තිබේ.
තුවාල ලැබූ රැඳවියන් රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගොන ඇති බවද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.
864 Views
Comments