එච් අයි වී සුව කිරිමට අලුත් ක්‍රමයක් සොයා ගැනේ

ආසාදිත සෛල වලින් එච් අයි වී ඉවත් කිරීමට විද්‍යාඥයින් කණ්ඩායමක් සමත් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
නොබෙල් ත්‍යාගයෙන් සම්මාන ලැබූ Crispr නම් ජාන තාක්ෂණය ඒ සඳහා යොදාගෙන තිබේ.
එම තාක්ෂණය මගින් ආසාදිත සෛල වල DNA ඉතා කුඩා කොටස්වලට විච්ජේදනය කර ඉවත් කිරීම හෝ අක්‍රිය කිරීම සිදු කරයි.
ඒ ඔස්සේ යමෙකුගේ සිරුරේ ඇති වෛරස සම්පූර්ණයෙන් ඉවත් කළ හැකි බව විද්‍යාඥයෝ පවසති
.
නමුත් එහි ආරක්ෂාකාරී බව සහ ඵලදායී බව සම්බන්ධයෙන් තවත් පරීක්ෂණ කළ යුතු බව ඔවුන්ගේ අදහසයි.
දැනට භාවිතයේ ඇති එච් අයි වී ඖෂධ මගින් වෛරසය පැතිරීම නැවැත්විය හැකි වුවත් එය සිරුරෙන් ඉවත් කිරීමට අසමත් ය.
229 Views
Comments